Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට වෙනුවෙන් කැපවූ නාවුක හමුදාවේ වීරෝධාර සෙබළුන් 136කට කොරෝනා

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 136 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 63 දෙනාගෙන් 53 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් යයිද ඔහු පැවසීය.
ඊයේ් දිනයේ වාර්තා වූ එම පිරිස අතරින් 16ක් වැලිසර කඳවුරේ සහ 37 දෙනෙක් නිවාඩු ගොස් සිටියදී හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ සියළු දෙනා දැනටමත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන අවශ්‍ය කටයුතු සඳහා යොමු කර ඇති බවත් හමුදාපතිවරයා පැවසීය.

අද දිනයේ සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර සේවයට කැඳවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();