
දේශීය ඖෂධ භාවිතාවෙන් සෑදූ දුම් හට්ටියක් හා ඔෂධීය කැඳක් මගින් මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය ඉතා පහසුවෙන් මර්ධනය කළ හැකි බව මෙරට ප්‍රධාන රෝහල් 4ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනකු පවසයි.
විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බවද කියයි.
ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.
දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.
මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගිය ඉක්මනින් සුවය ලැබුවා පමණක් නොව ඔහුගේ නිවසේ සිටින කිසිදු සාමාජිකයකුට මෙම වෛරසය ආසාදනය නොවුනේ තමන් මෙම ඖෂධ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන් නිසා බව කී වෛද්‍ය දහානායක, අදාල රෝගියාගේ බිරිය ඒ පිළිබඳ ස්තූතිය ඵල කරමින් ලිපියක් එවා ඇති බවද කීය. මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.
The post කොරෝනා දින 03න් නසන ඔසුවක් ලංකාවෙන් . appeared first on Lanka News Column.
0 Comments