Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලකයොන්ටවත් Facebook එකේ රගන අයට අපි ලංකාවට එන එක නවත්තන්න බෑ - කොරෝනා ගෙනාවේ චීන්නු යැයි කියන ඉතාලි තරණයා [Video]

ඉතාලියේ අපිට බනින්න එපා
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තරණයාගේ කතාව

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරනවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරමින් ඔහු මේ බව පවසනවා.

එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අවධාරණය කර සිටිනවා.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටිනවා.

කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කර තිබෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();