Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වූවාට අනවශ්‍ය බියක් ඇතිකර නොගන්න

දිවයිනේ උද්ගතව ඇති තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය. 
 
ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වුවත් පවතින සෞඛ්‍යමය ගැටලුව මත මවුවරුන් හා ළමුන් සායන වලට එක්රැස් කර ගැනීම අවධානම් බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි.
 
එම නිසා පවතින සෞඛ්‍ය අවධානම පහව ගිය පසු එන්නත් මඟ හැරුණු ළමුන් ඇතුළුව එන්නත් ලබා දිය යුතු සියලුම ළමුන්ව සායන වලට ගෙන්වා ගැනීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මවුවරුන් දැනුවත් කිරීමෙන් සිදු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();