Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රහාරක නෞකාවකටත් කොරෝනා ප්‍රහාරයක්

27 මාර්තු, 2020

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.

පෙන්ටගනය නිවේදනය කර සිටින්නේ, මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි.

කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සෙබළුන් 5000  කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියළු දෙනාටම කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කිරිමට නියමිතය.

මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී නෞකාවේ සිටින සියළු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();