දාඩිය ගලන්නේ ගගක් වගේ..
නාසය දැනටත් තුවාල වෙලා..
නාසය දැනටත් තුවාල වෙලා..
මගේ හෙද ජීවිතයට ගොඩක් ආදරෙයි
කොරෝනා හේතුවෙන් වඩාත් තර්ජනයට ලක්වූ රැකියාවක් කරන පිරිසක් ලෙසින් හෙද නිලධාරිණියන් හැඳින්වීමට පුළුවන.
රෝගියා පිළිබඳව නිරන්තර සොයා බැලීම ඇගේ වගකීමකි.
ජීවිතය පිළිබඳව ඇති ආසාව ද අතහරිමින් මෙම පිරිස කරන කැපවීම වචනයෙන් ලිවීමට හැකියාවක් නැත.
ඔවුන් විඳින දුක කොතරම් ද යන්න වටහාගත හැකි සටහනක් දැනට පැය 5කට පමණ පෙර ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.
“වතුර බොන්න බෑ..හුස්ම ගන්න අමාරුයි..අම්ම බලන්න යන්න බෑ ” කොරෝනා රෝගීන්ට හෙදකම් කරන හෙදියකගේ දුක කියවෙන සංවේදී සටහනක්
කොහොම වුණත් තමන්ගේ අත්දැකීමක් ගැන ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් සිය මුහුණුපොතේ මෙලෙස සටහන් කර තිබුණා.ඇය දීපශිකා සඳමාලි නම් වනවා.
ඒ අතර ඇය “ගෙදර යන්න බෑ.. ආසයි අම්මව බලන්න” යනුවෙන් සංවේදී කරුණු රැසක් ද සටහන් කර තිබුණා.
චීනයේ වුහාන් හි සිය සේවය නිම කළ වෛද්‍යවරු පිටව යනවිට පොලිසිය සැලියුට් ගැහුවේත් ඉතාලියට පැමිණෙන කියුබානු වෛද්‍යවරුන්ට අත්පුඩි ගැහුවේත් මෙහි කටුක බව ලෝකයා දන්නා නිසායි.
එහෙත් , වගකීම් විරහිත ලාංකිකයන් සුළු පිරිසක් නොමනා ලෙස හැසිරෙන මෙවන් අවදියක එම හෙදියගේ සටහන අප පහතින් ගෙනහැර දක්වන්නේ ‘ නොමිනිසුන්ට දැන්වත් සිතන්නැයි ‘ පණිවිඩයක් දීම උදෙසායි.
“AAgainst covid- 19
මම මගේ හෙද ජීවිතයට ගොඩක් ආදරෙයි එදත් අදත් හෙටත් ..
ඒ වගේම නර්සින් යුනිෆෝම් එකට.
හුස්ම ගන්නත් අමාරු ආරක්ෂක ඇදුමක් පැය 3,4 ක් ඇදන් ඉන්න වෙයි කියලා කවදාවත් නොහිතුව ත්
අද ඒ දේ සිද්ද වෙලා ..
හරියට යුද්ධය ක් වගේ ඇදුම දා ගත්තාම කන රිදෙන තරම්,
දාඩිය ගලන්නේ ගගක් වගේ..
නාසය දැනටත් තුවාල වෙලා..
හුස්ම ගන්න අමාරුයි ..
බූට් වලට දනහිස රිදෙන තරම්..
සමහර වෙලාවට ඇදුම අස්සෙන් ඇඩුවත් කාටවත් පේන්නෑ
ගෙදර යන්න බෑ ආසයි අම්මව බලන්න..
වතුර ටිකක් බොන්න හිතුනොත් බොන්න බෑ..
මේ තරම් දුකක් වින්දත් අදටත් මන් හෙද ජීවීතේ ට ආසයි
ඒ හින්දා මන් වගේම හැම සෞඛ්‍ය සේවකයෙක්ම විදින මේ යුද්ධය ජය ගන්න ඔයාලත් සහය වෙන්න..
මෙච්චර දුශ්කර ඇදුම් ඇදන් ඔයාලට ගෙදර ඉන්න වෙන්නෑනේ
0 Comments