කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා ලබාදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මේ අනුව ජනාධිපතිවරයා එම අරමුදලට ඇමරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් පසුගිය 15 වනදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදි මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ කොවිඞ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය සමනය කරගැනිම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමටයි.
එම මුදල ඉතා ඉක්මනින් රජයට භාරදීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
0 Comments