Ticker

    Loading......

Header Ads Widget

රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ, කොරෝනා බවට සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව 222 ක් බවයි.

කොරෝනා අසාදිත පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ය.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3500 කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();