Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුද්ගලයන් 3063 ක් මධ්‍යස්ථාන 22ක නිරෝධායනයට

මෙරට තුළ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 3000කට අධික පිරිසක් රඳවා සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

රැදවුම් මධ්‍යස්ථාන 22ක් තුළ පුද්ගලයින් 3063ක පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් වන අතර විදේශිකයින් 31 දෙනෙකු ද එම පිරිස අතර වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();