Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද ෆිනෑන්ස් බලපත්‍රය අවුලක

සේවක අර්ථසාධක අරමුදල විසින්, අර්බුදයට පත් මුල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 205.49 ක මුදලක වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් බවට මේ වන විට පත්ව තිබේ. සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කොටස්වල අගය ශූන්‍යයක් ලෙසින් වාර්තා වීම මීට හේතුවයි. මෙම තත්ත්වය සේවක අර්ථසාධක අරමුදලට පමණක් නොව එහි ආයෝජනය කළ සෙසු ආයෝජකයින්ට ද අත්ව ඇති පොදු ඉරණමකි.

මෙයින් වඩාත් ඛේදජනක තත්ත්වයට මුහුණ දී ඇත්තේ 2011 වසරේ දී සිය තැන්පතු, ද ෆිනෑන්ස් සමාගමේ ‘ඡන්ද බලය අහිමි කොටස්‘ බවට පරිවර්තනය කරන ලද තැන්පත්කරුවන් ය. ඔවුන් එදා සිට මේ දක්වා සිය තැන්පතු වෙනුවෙන් කිසිදු පොළී ආදායමකට හිමිකම් නොකිය. සමාගම විසින් කිසිදු අවස්ථාවක ලාභාංශ ගෙවීමක් ද සිදු නොකළේය. වර්තමානයේ දී සමාගම ඈවර කළහොත් ඔවුන් කිසිදු ගෙවීමකට ද හිමිකම් නොකියනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට පෙර  මෙය තීරණය කරන ලදී.

2019 දෙසැම්බර් 31 පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දී වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ හි හිමිකම් ආයෝජනයක් සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනු ලැබූ බව සමාගම විසින් මීට පෙර පවසා තිබුණි.

කෙසේ වෙතත් ද ෆිනෑන්ස් සමාගමේ මෙම තීරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු එකඟතාවක් නොමැති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය විය. එහිදී ද ෆිනෑන්ස් සමාගමේ වත්මන් තත්ත්වය පිළිබඳ සඳහන් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මෙසේ පවසා සිටියේය.

“ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යාම ඵලක් වන්නේ නැහැ. දැනටමත් මුදල් මණ්ඩලය විසින් ඒ ගැන තීරණයක් ගෙන තිබෙනවා. එක්කෝ දැන් අපි නව ආයෝජකයෙකු සොයා ගත යුතුයි. එහෙම නැත්නම් ආණ්ඩුව හෝ මහ බැංකුව අලුතෙන් සල්ලි එම සමාගමට පොම්ප කළ යුතුයි. මේ වන විට මහ බැංකුවට කිසිදු මුදලක් යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කිසිදු ආයෝජකයෙකු එන බවක් පේන්නටත් නැහැ. අපිට තියෙන විකල්පය තමයි මේ සමාගමේ බලපත්‍රය අවලංගු කරන එක. නමුත් දැනට ආණ්ඩුව විසින් වෙන යම් විකල්පයක් සොයනවාදැයි අපි බලනවා. එහෙම නැත්නම් අපිට බලපත්‍රය අහෝසි කරන එක කරන්න වෙනවා“.

“එය නිරන්තරයෙන් අපගෙන් විමසීමකරන අතිවිශාල තැන්පතුකරුවන් ප්‍රමාණයකට සහායක් වෙනවා. ද ෆිනෑන්ස් සමාගමේ සම්පූර්ණ චිත්‍රය බැලුවොත්, සියලු තැන්පත්කරුවන්ගේ ප්‍රමාණය 140,000 ක් පමණ. මෙයින් 135,000 ක් ඉන්නේ ලක්ෂ 6කට වඩා අඩුවෙන් තැන්පත් කළ අය. අපි ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කළා නම්, එය මේ 94%ක් වන තැන්පත්කරුවන්ට සහයක් වෙනවා.“

ද ෆිනෑන්ස් සමාගමේ කොටස්කරුවන් අතර 5 වැනියාට විශාලතම කොටස් හිමියා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. සමාගමේ කොටස් 5,091,200 ක් සේවක අර්ථසාධක අරමුදල ඉදිරියෙන් සටහන් වන අතර එය ද ෆිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් 8.43% කි.

The post ද ෆිනෑන්ස් බලපත්‍රය අවුලක appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();