Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේවය හැරගොස් සිටි හමුදා සාමාජිකයන් 4921 ක් යළි බාර වෙයි

 ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 4921 දෙනෙකු හමුදා කඳවුරු සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත බාර වී තිබේ.
 
ඒ නොදන්වා හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් සඳහාය.
 
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුද හමුදාවේ නිළධාරින් 6 ක් සහ සෙසු නිළයන් 3501ක්, නාවික හමුදා සාමාජිකයන් 571ක්, නාවික හමුදාවේ නිළධාරින් 6 ක් සහ සෙසු නිලයන් 849ක් මෙලෙස බාර වී ඇති බවයි.
 
72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙම පොදු සමා කාලය හෙටින් (12) අවසන්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();