(බුද්ධිකා ඉඹුලාන)
මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකා ධීවරයින් පිරිසක් නිදහස් කෙරේ.
ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා,මාලදිවයින් රජය සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම ධීවරයින් සියලුදෙනා බෝට්ටු ද සමඟ නිදහස් කිරීමට මාලදිවයින් රජය කටයුතු කරන ලදි.
පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඉක්මවා මාලදිවයින් මුහුදු සීමාවේ ධීවර කටුයුතුවල නිරත වූ ධීවරයින් පිරිසක් මාලදිවයින් හමුදාව විසින් බෝට්ටුද සමඟ අත්අඩංගුවට ගෙන සිටි අතර ඒ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් අමාත්යම ඩග්ලස් දේවානන්දා මහතාෙග් අවධානය යොමු විය.
ගාලු ප්‍රදේශයට අයත් මෙම ධීවරයින් පසුගියදා මෙරටට පැමිණි අතර ඊයේ(18)ඔවුන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයට පැමිණ තමන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට සිය ස්තූතිය පිරිනමන ලදි.
ඔවුන් එහිදී කියා සිටියේ මෙවැනි සිදුවීම්වලදී මීට ඉහත ධීවර ඇමැතිවරුන් මෙවැනි මැදිහත්වීමක් කඩිනමින් සිදු කර නොමැති බවත් මෙම සිදුවීමත් සමඟ රටේ ධීවර ජනතාව ධීවර ඇමැතිවරයාට බලවත් සේ ප්‍රශංසා කරන බවයි.
මෙම සිදුවීමෙන් ධීවරයින් මුහුණදුන් කරදර හිරිහැර පිළිබඳ තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවත් ඉදිරියේදී ධීවරයින්ට මෙවැනි කරදරවලට මුහුණපෑමට සිදුනොවන ලෙසට අවශ්‍ය පියවර ගන්නා බවත්ඇමැතිවරයා එම ධීවරයින් හමුවේ පවසා සිටියේ ය.

0 Comments