Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ඇමති පාඨලීව අධිකරණය වෙත රැගෙන එයි

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.  
 
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ(18) රාත්‍රියේ සිය නිවසේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.
 
ඉන් අනතුරුව ඔහු කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි.
 
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();