Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උත්සව සමයේ ජනතා ආරක්ෂාව තහවුරු බව යුද හමුදාපති කියයි

එළඹෙන උත්සව සමයේ දී ජනතා ආරක්ෂාව සහතික කොට ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ සඳහා වන උපදෙස් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ආරක්ෂක මණ්ඩලයේ දී තමාට ලබාදුන් බව හමුදාපතිවරයා සදහන් කළේය.
 
යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැය රෝපණය කිරීමේ වැඩසටහනට අද(23) උදෑසන එක්වෙමිනි.
 
මෙම ව්‍යාපෘතිය  ‘තුරුමිතුරු - නව රටක්‘ ලෙස නම් කර තිබේ. මාර්ගය දෙපස අරලිය පැය 170ක් රෝපණය කෙරිණ. මෙම ව්‍යාපෘතිය සියලුම යුද හමුදා කඳවුරුවල ක්‍රියාත්මකය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();