Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෘෂීකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට

කෝටි දෙකකට අධික මාසික කුලියක් ගෙවමින් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල, රජමල් මාවතේ පිහිටි ගොවිජන මන්දිරයේ යලි ස්ථාපිත කිරිමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ.

ඊට අදාල ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා කර එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් එම ස්ථානය සම්බන්ධයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී සාකච්ඡා වූ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා ප්‍රකාශ කර සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();