පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වේ. ඒ, ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බව සදහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉකුත් 02වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට තීරණය කරන ලදි.
ඒ වෙනුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ලබන වසරේ ජනවාරි මස 03 වැනිදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් වන බවයි. ඒ අනුව, එදින ජනාධිපතිවරයා විසින් සම්ප‍්‍රදානුකූලව රාජාසන කථාව සිදු කරනු ඇත.
නව ආණ්ඩුවක් පත් වී ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ ආසන පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතය.

0 Comments