Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැරියක අපයෝජය කළ මන්ත්‍රී රත්තරන්ට එරෙහි නඩුව කල්යයි

දහසය හැවිරිදි දැරියක අපයෝජයක් කළ දකුණු පළාත් සභාවේ පොහොට්ටු පක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්)ට එරෙහිව පවරා ඇති නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු (31) දක්වා කල් තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (03) කටයුතු කර ඇත.

ඒ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අක්මීමණ පොලිසියට නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බව පැවසීම හේතුවෙනි.

ඉකුත් පෙබරවාරි මස 28 අධිකරණයට බාරවු ඒ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();