පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනසක් කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
ඔහු සඳහන් කළේ, නව අමාත්‍යවරුන් දිවුරුම්දීමත් සමග එම පියවර ගත් බවයි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පනවනු ඇති.
මේ අතර ලබන සදුදා දිවුරුම්දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අනුව ආණ්ඩු පක්ෂයේ සෙසු ආසන පැනවීමට ද නියමිතව ඇත.
විපක්ෂයේ අසුන් පැනවීමේදී ද පක්ෂ ජ්‍යෙෂ්ඨත්වය අනුව එම කටයුතු සිදු වේ.
පාර්ලිමේන්තුව ලබන 03 වනදා රැස් වීමට නියමිතයි.

0 Comments