Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රබල ජිහාඩ් නායකයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ඉස්ලාමීය ජාහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි බහා අබු අල් - අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවට ඊශ්‍රායලය චෝදනා කරනු ලැබේ.
 
ඔහු ජීවත්වූ ගාසා තීරයේ පිහිටි තට්ටු 3කින් යුත් නිවෙස ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා ඊයේ මෙහෙයුම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අවස්ථාවේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් අණදෙන නිලධාරී සහ 42 හැවිරිදි ඔහුගේ බිරිඳ මියගොස් තිබේ.
 
නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තාවේ.
 
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අබු අල්-අටා යනු තම රටට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අයෙක් බවයි.
 
මේ අතර සිය නායකයාගේ මියයාම වෙනුවෙන් පළිගන්නා බවට ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය අනතුරු ඇගවීමක් ද සිදු කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();