Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘‘සජිත්ගේ ඉල්ලුම දෙගුණ වෙලා - උතුරු නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්‘‘ නවීන් දිසානායක නුවර එළිය ජනතාවගෙන් කළ ඉල්ලීම

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. අද (09) පස්වරුවේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ‘‘අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පළාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා. සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා‘‘ යනුවෙනි.
එසේම ‘‘අපිට සිංහල බෞද්ධ ඡන්ද 40%ක් අවශ්‍යයි, දමිල, මුස්ලිම් ඡන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා‘‘ යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

සමහර දිස්ත්‍රික්කවල අපිට අවාසි වෙන්න පුළුවන්, හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැහැ. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ උතුරු නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්. ඒකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ, මහ මැතිවරණයක ඡන්ද කැඩිලා යනවා.

එක්සත් ජතික පක්ෂය කුල, ආගම් කිසිම භේදයක් නැ, අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොඳම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා‘‘

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();