Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාව අසත්‍යයි

රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
 
පසුගිය පස්වනදා රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත යොමුකළ රාජ්‍ය බුද්ධි වාර්තාවක් යනුවෙන් මෙය සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
 
රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම පොලීසියේ කිසිදු ආයතනයක් ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදුනොකරයි. පොලීසියේ පූර්ණ අවදානය යොමුවන්නේ ජනාධිපතිවරණය නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම පිළිබදවයි. ආරක්ෂිත වාතාවරණයක් සැලසීම පොලීසියේ ප්‍රමුඛ කටයුත්තක් බවයි මෙම නිවේදනයේ දැක්වේ.
 
මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල පළකළ තැනැත්තන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();