Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද චෙන්නාය දක්වා

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද(11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කෙරුණු අතර යාපනය සිට චෙන්නයි බලා පිටත්වු පළමු ගුවන් ගමන වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා එක්විණ.
ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසුවේ සතියකට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර,සදුදා,බදාදා හා සෙනසුරාදා දිනයන්හිදි ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බවයි.

ආණ්ඩුකාරවරයා ඇතුළු කණ්ඩායම අද(11) දහවල් ‍චෙන්නායි දක්වා පිටත්වු ගුවන් ගමන වෙනුවෙන් එක්වු බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පැවසීය.

යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසූහ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔක්තෝම්බර් 17 වැනිදා විවෘත කරනු ලැබවද, ගුවන් තොටුපොළ ඉදිකිරීම් කටයුතු නිමා‍නොවීම හේතුවෙන් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවිණ.
වවුනියාව – මාධව කුලසූරිය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();