Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක්.

කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් අද  දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි  පවසයි.

සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත්  අද   දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර ඇත .මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැක.

මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතුය .
එබැවින්  අද  දිනයේ දී එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද  සදහන් වේ.

මෙම දිනවල වායුගෝලයේ පවතින තත්ත්වය අනුව මෙසේ වායුගෝලීය අංශූ ප‍්‍රමාණය ඉහළ යන බවත්  බාහිරින් පැමිණි දුවිලි හා විවිධ රසායන අංශු විශාල ප‍්‍රමාණයක් සමග රථ වාහන හා කර්මාන්තශාලා ආදියෙන් නිකුත්වන දුම් එකතුවීමෙන් මෙවන් තත්ත්වයක් මතුවන බව කී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා පසුව සුළග සමග ඒවා බොහෝ දුරකට පාවයාම, ගහකොළ ආදිය මත තැන්පත්වීම සිදුවන බව ද කීවේය.

මීට පෙර ඉකුත් 5-6 දිනවලද කොළඹ නගරයේ වායුගෝලීය ෂණය ඉහළ ගොස් තිබූ අතර එයට හේතුව ලෙස දක්වා තිබුණේ  ශ්‍රී ලංකාවට උතුරේ සිට පැමිණි සුළං ඔස්සේ දුවිලි අංශු පැමිණීමයි.
වායුගෝලීය දත්ත ලබාගැනීම ඉදිරියටත් සිදුවන බව කී ජාතික ජ්‍යෙෂ්ඨ  විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා මේ වන විට කොළඹ, මහනුවර නගරවලට අමතරව අනුරාධපුරය, යාපනය, වව්නියාව, පුත්තලම ආදී දිස්ත‍්‍රික්කවල ද වායුගෝලීය දත්ත ලබාගැනීමේ උපකරණ තැන්පත් කර ඇතැයි කීවේය.

මෙය ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවන බව කී ප්‍රේමසිරි   ඉන්දියාව,පකිස්තානය, බංග්ලාදේශය, චීනය වැනි ආසියාතික රටවලද මෙවැනි තත්ත්වයන් ඇතිවන බව සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් කොළඹ නගරයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේද දිනක් පුරා මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පැවසීය.

The post අද කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();