දේශපාලනික කූට සැලසුමක් ගැන තිස්ස අත්තනායක හෙළි කරයි
සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇතිකර ගෙන ඇතැයි කියන රහස් ගිවිසුමක් මත ක්‍රියාකරමින් අනාගතයේ දී උතුරු පළාතේ පදිංචි සිංහලයන් සිය ගම්බිම්වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් එවැනි ක්‍රියාවක් වළක්වා ගැනීම සඳහා අධිකරණයේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සඳහන් කරමින්
දේශපාලනික ප්‍රයෝගකාරී ක්‍රියාවන් සඳහා මාධ්‍ය ප්‍රචාරයන් ලබාගැනීමේ ප්‍රවණතාවක් පසුගිය 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ මැතිවරණ නිසල කාලයේදී ක්‍රියාත්මක වන බවත් පසුගිය පැය විසිහතර තුළ එම ක්‍රියා උත්සන්නවී තිබෙන බවත් නිරීක්ෂණය වී ඇති අතර මෙකී තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිසමේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තිස්ස අත්තනායක මහතා පවසයි.
මේ වනවිට වාර්තාවී ඇති නවතම ප්‍රයෝගය වී ඇත්තේ රටේ පවතින අධිකරණ ක්‍රියාවලිය භාවිතකරමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ බහුතරයක් වන සිංහල ජනතාව තුල දුර්මතයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් නඩුවක් ගොනු කොට එකී නඩු කරය සඳහා අනිසි මෙන්ම අනීතික මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කිරීම බවත් වැඩි දුරටත් කියයි.
මෙවැනි කිසිදු රහස් ගිවිසුමක් පිළිබඳ ප්‍රචාරය ප්‍රතික්ෂේප කරනු ලබන බවත් සජිත් ප්‍රේමදාස මහතා රහසින්වත් මෙරටේ සිංහල ජනතාවට එරෙහිවන සිංහලයාගේ සකල විධ උන්තියට බාධාවන කිසිවකට කිසිවිටක උරනොදෙන බවත් එය ඔහුගේ අතීත පරිචය මගින් මනා ලෙස ඔප්පු කොට තිබෙන අතර අනාගතයට ද එය සදාතනික යථාර්ථයක් වන බවත් අවධාරණය කරයි.
මෙවැනි පසුබිමක එවැනි නඩුකරයක් පැවරීම පවා හාස්‍ය දනවන අතර එවැන්නකට පෙළඹීම තුලින් සිය දේශපාලනික ප්‍රතිවාදීන් වැටී ඇති සදාචාරික අගාධයේ තරම මනා ලෙස තේරුම් ගන්නා ලෙස මෙරට පුරවැසියන්ට ආයාචනය කර සිටින අතර එවැනි නඩු නිමිත්තක් මත අධිකරණය ඉදිරියට යන්නේ නම් එයද අධිකරණ ක්‍රියාවලිය අපයෝජනයට ලක්ක්රීමකි. නීතිය ඉදිරියේ මෙන්ම යථාර්ථය ඉදිරියේ නොමැති කරුණක් මත නඩු පවරමින් ඒ මත අයුතු මාධ්‍ය ප්‍රචාරණයක් ගැනීමට යමෙක් පෙලඹේ නම් සහ යම් මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් එවැනි දීන උත්සාහයකට එරෙහිව නෛතිකව මෙන්ම දේශපාලනිකව ද කටයුතු කරමින් එය පරාජය කිරීමට කටයුතු කරනු ලබන බවද මෙම නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වන ලෙසත් එම දීන උත්සාහය පරාජය කිරීමට ඉදිරියට එන ලෙසත් සකල විධ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් ඉල්ලා සිටී.
0 Comments