අද පෙරවරු 07 ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පෙරවරු 10 වනවිට සියලු දිස්ත්‍රික්කවල 30% ඉක්මවන ඡන්දදායකයන් ප්‍රමාණයක් මේ වනවිට සිය ඡන්දය භාවිතා කර ඇති බව වාර්තා වේ .
සමස්තයක් ලෙස මෙරට ඡන්දදායකයන්ගෙන් 30% ඉක්මවන ප්‍රතිශතයක් පෙරවරු 11 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇත .
එම ප්‍රතිශතය ඇතැම් දිස්ත්‍රික්කවල 30% ඉක්මවා තිබෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෙරවරු 10 වනවිට 40% ඉක්මවන ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිතා කර තිබිණි.
උතුරු පළාත සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන් දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන බව වාර්තා වේ .
The post ජන්ද ප්‍රකාශ කිරීම වැඩි වෙයි. උතුරු නැගෙනහිර දිගු පෝලිම. appeared first on Lanka News Column.
0 Comments