විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
එම මණ්ඩලය මගින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු, අනධ්‍යන සේවක ගැටලු, අධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙනු ඇති.
එමගින් විවිධ ඉල්ලීම් සහ ගැටලු මුල්කරගනිමින් නිර්මාණය වන උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන ආදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතිවීමේ ප්‍රවණතාව ද පහළ යනු ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ය.
පත් කිරීමට නියමිත මෙම ඔම්බුඩ්ස්මන් මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විතයි.
ඒ, අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මණ්ඩලයට ඕනෑම අවස්ථාවක ගැටලු ඉදිරිපත් කළ හැකි වේ.
ඉදිරිපත් වන ගැටළු වලට විසදුම් සහිත නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ තත්ත්වයන් වහා විසදීමේ හැකියාව පවතින බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
0 Comments