ප්‍රදේශ කීපයක හදිසි ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුවී ඇති බැවින් මෙලෙස ජලය කප්පාදු කරනු ලැබේ.
ඒ අනුව, කටුනායක, සීදූව, ජා-ඇල නගර සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මාබෝල ප්‍රදේශය, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම්, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපායි.
මේවන විට අදාළ හානියට පත්වූ නලය පිළිසකර කිරීම් ආරම්භ වී ඇති බැවින් ජල සැපයුම් යථා තත්ත්වයට හැකි ඉක්මණින් පත් කරන බවද ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.
0 Comments