Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුරට කැබිනට් ඇමතිකමක්..! ඡන්දය නොඉල්ලනයි එජාපය ඉල්ලයි. ජවිපෙන් සාමාජිකයින්ට විශේෂ පණිවිඩයක්..

ජනාධිපතිවරණයට තරඟ වැදීම අතහැර දමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එකතු වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර තිබේ.

රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මොරවක ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

2010දීත් 2015දීත් එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂකයන්ටත් සහාය දුන්නේ නම් මෙවර ද තම අපේක්ෂකයාට සහාය දීම ජනතා විමුක්ති පෙරමුණ බැරිකමක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ හයක් හතක් සමඟින් එළියට යෑම අවාසියක් බවද ඔහු පැවසුවේය.

අනුර කුමාර දිසානායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් දෙන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

මේ අතර පල වන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය විසින් පක්ෂය සියලු සාමාජිකයන්ට දෙවැනි මනාපය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් යවා ඇති බවයි.

දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ නොවන අපේක්ෂකයෙකුට ලබාදෙන්නයි සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇතැයි පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();