Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් සාම සාධක හමුදා රාජකාරී සඳහා යයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
 
විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම , වෛද්‍ය , ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20 ක් සහ සෙසු නිලවලට අයත් 223 දෙනෙකුගෙන් යුතු භට පිරිසක්  මෙම රාජකාරී සඳහා පිටත්ව ගියබව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කළේය.
 
පිරිස රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු  ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් වෙන් කර තිබූ අතර මෙම ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස රැගෙන එම ගුවන් යානය අද අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්වුණි.
 
මෙම භට පිරිස වෙත සුභ පැතීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();