Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සූක්ෂමව මෙහෙයවු කොළඹ වාහන කොල්ලයක් 08ක් සමඟ මාට්ටු

 ග්‍රෑන්ඩ්පාස්හි දී ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් කර ව්‍යාජ ලෙස සකස් කර විකිණීම සම්බන්ධව සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් කිරිම් හා ව්‍යාජ ලෙස සකස් කර විකිණීම, කොටස් කර අමතර කොටස් විකිණීමේ සිද්ධි කීපයක් ගැන තොරතුරු ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
 
ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි වු ත්‍රීරෝද රථයක් සැකකරුවකු සමඟ 2019.11.12 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරුවෙන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් සහ ව්‍යාජ විකිණීම්වලට සම්බන්ධ සැකකරුවන් බඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් 17, 19, 20, 27, 29, 32, 51 හා 58 වයස්වල පසුවන ගනේමුල්ල, මට්ටක්කුලිය, වත්තල හා කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
 
අත්අඩංගුවට ගත් දේපළ අතර, සොරකම් කළ ත්‍රීරෝද රථ 17 ක්, යතුරු පැදි කොටස් 04 ක්, කොටස් කරන ලද ත්‍රීරෝද රථ 5 ක්, ත්‍රීරෝද රථ ඉංජින් 4 ක් හා අංක තහඩු 12 ක් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන් 2019.11.13 වන දින අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.11.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();