Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශය රැසක ගමනාගමනයට බාධා

කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම - සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ කලා ඔයේ ජල මට්ටම අඩි 08 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි.

මේ අතර පවතින වැසි හේතුවෙන් කොළඹ - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ දැනට ගමන් කළ හැක්කේ බස් රථවලට පමණක් බවයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();