ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝග කළේ ය.
නඩුව අද කැඳවූ අවස්ථාවේ පළමු විත්තිකරු මේජර් ජෙනරල් පාලිත ප්රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
දෙවන විත්තිකරු වන නිශ්ශංක සේනාධිපති විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය විසින් ලබන 8වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ගාමිණී මාරසිංහ කළ කරුණු දැක්වීම සලකා බලා අධිකරණය අදාළ නියෝගය කළේ ය.
ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවසර දීමට එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක් අල්ලසක් ලබාගැනීම සහ ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව පවරා තිබුණි.
0 Comments