යාපනය මහජන පුස්තකාලය සඳහා නිපෝන් පදනම (Nippon Foundation) විවිධ විෂයන්වලට අයත් පොත් තොගයක් පසුගියදා ප්‍රදානය කෙළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා එම පොත් තොගය පසුගියදා යාපනය මහනගර සභාවේ නගරාධිපති එමානුවෙල් ආනෝල්ඩ් (Emmanuel Arnold) මහතාට යාපනය මහජන පුස්තකාලයේ පැවැති උත්සවයකදී ප්‍රදානය කෙළේය.
මෙම නිපෝන් පදනම සමාජ සුබසාධනය, සංස්කෘතිය සහජීවනය ඇති කිරීම සඳහා ක්‍රියාකරන ආයතනයක් වන අතර, මහාචාර්යවරු, ලේඛකයන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ව්‍යවසායකයන්ගෙන් මෙම පදනම සමන්විත වෙයි.
සටහන - චන්දන විජේකෝන්
0 Comments