ජනපති
තාරුණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට පසුගිය පස් වසර තුළ සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ පෙරේදා (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.
තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවි ආයුධ නොගෙන ප්‍රශ්න විසඳන ආකාරය අවබෝධ කරවීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කැර තිබු අතර දිවයිනම නියෝජනය වන අයුරින් තරුණ තරුණියන් හාරසියකට වැඩිපිරිසක් ඊට එක්ව සිටියහ. තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසිය.
මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළා. නමුත් වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා මමයි. ඒ කිසිවකුට ප්‍රති ප්‍රහාර සිදු කිරීමට මා කටයුතු ටකටළ් නෑ. මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්යයද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටිනවා. තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීම වෙනුවෙන් මගේ පාලන කාලය තුළ විශේෂ වැඩ කොටසක් ඉටු කළො.
තරුණ තරුණියන් නැගු ප්‍රශ්න කිහිපයකට ද මෙහි දී ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදුන් අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද විය යුතු බවයි. උගතුන් සිටින රටක ගැටලු අවමවන අතරම, එම රට සංවර්ධනය කරා ගමන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට රාජ්‍ය පාලනය ද යහපාලනයක් බවට පත්වන බව කියා සිටියේය.
මත් ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මත්උවදුරෙන් මේ රටේ තරුණ පරපුර ගලවා ගැනීම සඳහා මා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළා. .
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට මා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරුණු අතර එම නඩු තීන්දුව ට මා හිස නැමුවා. යම් හෙයකින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එම නඩු තීන්දුව ලැබුණ හොත් මා නිල කාලය අවසන්වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරනවා.
කතානායක කරු ජයසූරියමහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - සුදම් ගුණසිංහ
0 Comments