Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර ඇත.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අය විසින් මෙම නොතිසි නිකුත් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

එම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();