Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ජනතා බලවේගයේ මැතිවරණ ප්‍රකාශය ආකර්ෂණීයයි

පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

අප ආසන්නයේ තිබෙන අනතුරුදායී පැසිස්ට්වාදී පාලනය පරාජය කළ යුතු බව එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරිය ෆුඩ්සිටි ගොඩනැඟිල්ලේදී ඊයේ (25) පැවති එක්සත් වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේ ය.

අපේ මුල් තීන්දුවී තිබුණේ කරූ ජයසූරිය මහතාට සහාය දීමටයි. නමුත් සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් පසුව ජාතික ජනබලවේගයට සහාය දීමටත් දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමේ උපරිම හැකියාව ඇති පාර්ශ්වයට ලබාදීමටත් මධ්‍යම කාරක සභාවේදී අපි තින්දු කළා. ජනතා විමුක්ති පෙරමුණ සමඟ අපි දීර්ඝ කාලයක් වැඩ කළා. ඔවුන් සමඟ වැඩ කිරීමට අපිට උවමනාවක් තිබෙනවා. 20 වැනි සංශෝධනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළේ අපි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ඉතාම ආකර්ෂණීය යි. අද ඇවිත් තිබෙන්නේ පැසිස්ට්වාදී පාලනක් නැවත ඇති වෙනවාද නැද්ද කියන දෙයයි. අපි සිටින්නේ එවැනි තත්ත්වයක් ආසන්නයේ යි. මේ අනතුරුදායක තත්ත්වය පැහැදිලියි. මෙම තත්ත්වය අපි ආසන්නයේ තිබෙන දෙයක්.

අද මේ රටේ ආසන්න හා පැහැදිලි අනතුරක් තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා විතරක් නොව ඒ මහතා පිටුපස සිටින අය ගත්විට හදන්න අවශ්‍ය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක්. මහින්ද ජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එතුමා සමඟ සිටින පිරිසගෙන් මිදෙන්න බැහැ.

අද මේ වනවිට පැහැදිලි සහ ආසන්න අනතුරක් තිබෙනවා. නමුත් මේ තත්ත්වය හමුවේ පවතින තත්ත්වය තේරුම් ගෙන මේ වනවිට උගත් බුද්ධිමත් අය හංසයා ලකුණ සමඟ එකතු වෙනවා.යක්ෂයා දොර ළඟ සිටින විට වීනා වයලා වැඩක් නැහැ. ඒ නිසා අමාරුම අවස්ථාවේදී අපට අමාරු තීරණයක් ගන්න වුණා. අපිට ජනබලවේගයට ඡන්දය දෙන්න පුළුවන් නම් එය ඉතාම වටිනවා. පැසිස්ට්වාදී පාලනයකට ඉඩකඩ තිබෙනවා. අපි එය පරාජය කළ යුතු යි. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. කම්කරුවන් , රතුපස්වල සිදුවීම , ධීවරයින්ට සැලකූ ආකාරය අපි දැක්කා. මේ සියලු දෑ කළේ ලේකම්ව සිටියදී යි. ජනාධිපති වුවහොත් කුමක් බලාපොරොත්තු විය හැකිද?

එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් කීර්ති කාරියවසම් මහතා - එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ගත් තිරණයක් වන ජාතික ජනබලවේගයට සහය දෙන ගමන් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා හංසයා ලකුණට ඡන්දය ලබාදෙන්න කියන ස්ථානයේ අපි සිටියා. පසුව පක්ෂයේ ගත් තීන්දුව පිළිබඳව ශාඛා හා අපිට වැඩ කරන සංවිධාන ගත් තීරණයට විරෝධයක් ගොඩනැඟුනා. ඒ නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව නැවත රැස්වී නැවත දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය වෙනස් කළා. ඒ අනුව අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදයට කවදත් ගරුකරන අය ලෙසත් ඕනෑම කරුණක් සාකච්ඡා කර විසඳාගැනීම සඳහා කටයුතු කළා.

ඒ අනුව පක්ෂව ඡන්ද 30ක් ද විරුද්ධව ඡන්ද 24ක්ද සහ මධ්‍යස්ථ ඡන්ද 02ක් ද ලෙස හංසයා ලකුණට මනාපය ලබාදීම පිළිබඳව යෝජනාව සම්මත කළා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඒ මහතා පිටුපස සිටින අන්තවාදී බලවේගවලින් මතුවී ඇති පැහැදිලි සහ ආසන්න අනතුර සලකා බැලූ එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති හංසයා ලකුණින් ඉදිරිපත්වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරපුණේ අපේක්ෂකයාට සහය දෙන මෙන් පාක්ෂිකයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති අපේක්ෂකයාට දෙවැනි මනාපය දීමට සැප්තැම්බර් 26 වැනිදා මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට සහය දීමට යම් පුද්ගලයෙක් කටයුතු කරන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම එසේ දෙවන මනාපය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම දේශපාලන යෝජනාව සම්බන්ධව අපේ පාක්ෂිකයන්ගේ සහ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගැනීමට සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමණීම අනතුරුදායක නිසයි. නීතියේ ස්වාධීපත්‍ය , ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපට බයක් තිබෙනවා. අමාත්‍යංශ ලේකම්ව සිටියදී පසුගිය කාලයේදී එතුමා ක්‍රියාකළ ආකාරය අපි දැක්කා. එතුමා කටයුතු කළේ තම සහෝදරයාගේ දේශපාලන බලය ගෙන යි. සුදු වෑන් සංස්කෘතිය , දූෂිතයන් සඟවන්න කටයුතු කළ ආකාරය, මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳව අත්දැකීම් අපට තිබුණා. මේ අනතුරුදායක තත්ත්වය අපි වළක්වා ගන්න අවශ්‍යයි.

එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී.අබේරත්න මහතා - නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය වැඩ කරන ජනතාවට තීරණාත්මක වෙනවා. වැඩ කරන ජනතාව අයිතිවාසිකම් ලබාගන්නේ සටන් කරලායි. 2015 ජනවාරි 08න් මේ රටේ ජනතාව සටන් කළාට කවුරුත් උස්සන් ගියේ නැහැ. මැරුවේ නැහැ. ‍මේ රටේ වැඩ කරන ජනතාවට නිදහස තිබුණා. ඒ නිසා මේ පිළිබඳව වැඩ කරන ජනතාවට තීරණයක් ගන්න සිදු වෙනවා. මේ රටේ පැසිස්ට්වාදී පාලනයක් ඇතිවුවහොත් වැඩ කරන ජනතාවට ජීවත්වීමට සිදුවන්නේ බොහොම අභාග්‍යසම්පන්න විදිහට යි.

වර්ධරාජා පෙරුමාල්, හිස්බුල්ලා, රතන හාමුදුරුවෝ සියල්ලෝම සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ යි. මේ රටේ ජනතාවට අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙනවා. කම්කරු ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. තර්ජන, අතුරුදහම් කිරීම්, වෙඩි තැබීම් සිදු වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ උප ජනාධිපතිවරයා වගෙයි. එය රටේ ජනතාව දන්නවා.

ඒ නිසා මේ රටේ ජනතාවගේ වටිනා ඡන්දය හංසයා ලකුණට ලබාදී පැසිස්ට්වාදය පරාජය කරන්න කියා ඉල්ලා සිටිනවා.

චන්දිමා කරුණාරත්න සහ සඳුනි රණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();