සිම්බාබ්වේ නියඟය හේතුවෙන් අලි ඇතුන් 55දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. නියඟයත් සමඟ ආහාර සහ ජලය නොමැතිකම ඊට හේතු වී ඇත.
සිම්බාබ්වේ වාන්ගේ ජාතික උද්‍යානයේ මෙම අලි ඇතුන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. පසුගිය මාස දෙකක කාලය ඇතුලත මෙම සතුන් සියල්ල මිය ගොස් ඇතැයි සදහන් වේ.
නියං තත්ත්වය හේතුවෙන් සිම්බාබ්වේ ජනගහණයෙන් තුනෙන් එකකට පමණ බලපෑම් එල්ල වී තිබේ. සිම්බාබ්වේ මියගිය ඇතැම් අලි, ජලය තිබෙන තටාක ආසන්නයටම ගොස් මිය ගොස් ඇති බව බලධාරීන් සදහන් කරයි.
සිම්බාබ්වේ වාන්ගේ ජාතික උද්‍යානය තුළ අලි ඇතුන් 15,000කට පමණ ඉඩ පහසුකම් ඇති නමුත් මේවන විට එහි අලි ඇතුන් 50,000ක් පමණ සිටින බව වාර්තා වේ. එම නිසා එහි ජලය හා ආහාර ඔවුන්ට ප්‍රමාණවත් නොවන බව සදහන් වේ.
0 Comments