Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාන් ගෙඩියක් රුපියල් 2.50කින් ඉහළ යයි

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ, ඒ අනුව රුපියල් 02 කින් පාන්ගෙඩියක මිල ඉහළ නංවන බවයි.

තිරිඟු පිටි මිල අද සිට ඉහල දැමීමට  තිරිඟු පිටි සමාගම් තීරණය කිරිම හේතුවෙන් මෙලෙස පාන් මිල ඉහළ දැමීමට සිදු වු බව එන්.කේ ජයවර්ධන මහතා කියා සිටියේය.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රැමයක මිල රුපියල් 05යි සත 50කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

Post a Comment

0 Comments