Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ඉබ්බා’ නිල්වැල්ලේදී යළි පොලිස් දැලේ

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී පලා ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ‘ඉබ්බා’ හෙවත් ඉෂාන් මධුසංක නමැති සැකකරු  දික්වැල්ල, නිල්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත් බෝම්බයක් සමග තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ සැකකරු පසුගිය මස 22 වන දා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී පලා ගිය බවයි.

සැකකරු මීට පෙර ද බන්ධනාගාරගතව තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධානගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය සැකකරුවෙකි.

එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති අතර ඒ අනුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමට යාමත් සමඟ අසල තිබූ ජනෙල් කවුළුවකින් පළා ගොස් තිබිණ.

ඉෂාන් මධුසංක නමැති  මෙම සැකකරු රන්න, රුවින්ගම පදිංචිකරුවෙකි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();