Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයි.සී.සී. සභාපති ජනපති-අගමැති හමුවෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික වාර්තාව ජනපති අතින් අයි.සී.සී. සභාපතිවරයා වෙත. ශෂාන්ක් මනෝහර් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සහ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා මහතා පසුගියදා සිවුදින සංචාරයක් සඳහා මෙරටට පැමිණියහ.

අයි.සී.සී සභාපතිවරයා පසුගිය 23දා පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවිය.

අයි.සී.සී. සභාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට පවසා ඇති අතර මෙරට සංචාරයක නිරතවීම පිළිබඳ සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ‍දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.

මේ හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා අතින් ක්‍රිකට් සභාපතිවරයා වෙත පිරිනැමීම ද සිදුවිය.

මේ අතර ශෂාන්ක් මනෝහර් මහතා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. මේ අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජ්, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශෂාන්ක් මනෝහර් සහ ඉම්රාන් කවාජා මහත්වරු කොළඹ පී.සරවනමුත්තු පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය නැරඹීමටද එක්ව සිටියහ.

මේ අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික ප්‍රියන්ත ද සොයිසා යන මහත්වරුද සහභාගි වූහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();