ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 138කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 04කින් වන අතර එහි නව මිල 163ක් වනු ඇති.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
කෙසේ වෙතත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 134කි.

0 Comments