මිනිසුන් මෙන්ම සතුන් ද රෝගී වූ විට වෛද්‍ය ප්‍රතිකාර, තෙල් බෙහෙත්, සාත්තු සිදුකර සුවපත් කළ යුතු බවත් පෙරහර අවස්ථාවේ මේ මහඟු කාර්යය කිරීම වැදගත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
මහනුවර විෂ්ණු දේවාල භූමියේ පැවති අලි ඇතුන් උදෙසා පැවති ආයුර්වේද ස්නේහ කර්ම ගැල්වීමේ වෛද්‍ය කදවුරේදී කීර්ති තෙන්නකෝන් මහතා එසේ පැවසීය.
මේ වෛද්‍ය කඳවුර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ අනුග්‍රයෙන් පැවැත්විණි. පෙරහැර කාල සීමාවේදී පැවැත්වුන මේ කාර්යය අලි ඇතුන්ගේ ශරීරයේ ඇතිවන වේදනාව සහ දෙපා වල ඇතිවන පීඩාව සංසිඳවීම ආයුර්වේද ස්වේච්ඡා ප්‍රථමාධාර බලකායේ සභාපති වෛද්‍ය ඩී. එස්. ද සිල්වා මහතා සිදු කරන අතර වෛද්‍ය කරසිංහ ආරච්චි, වෛද්‍යාචාර්යය ඩ්බ්ලිව්. සී. වයි. සෝවිස් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම අලි ඇතුන්ගේ දෙපාවල තෙල් සත්කාර කිරීම් ආදි අනිකුත් වෛද්‍ය ප්‍රතිකාර සිදු කළහ.. විෂ්ණු දේවාලයේ ඇත් පංතියේ අවුරුදු 70ක් වයසැති ටිකිරි ඇතින්නගේ සුවදුක් පිළිබඳ එහිදී ආණ්ඩුකාරවරයා බස්නායක නිලමේවරයාගෙන් විමසීය.
කුණ්ඩසාලේ සමූහ සුනිල් ගුණවර්ධන

0 Comments