සුවපහසු හිතකර පරිසරයක පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ උසස් සේවය ලබාගත හැකි රෝහලක් ලෙස විසි වසරක් පුරා ජනතා විශ්වාසය ඉහළින්ම දිනූ මහරගම, නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහල පසුගියදා නවීන තාක්ෂණයෙන් පිරිපුන් අංග සම්පූර්ණ මාතෘ සත්කාර ඒකකයක් ආරම්භ කළේය. සාමාන්‍ය දරු උපත් සඳහා මෙන්ම සිසේරියන් සැත්කම් සඳහාද නව මාතෘ සත්කාර ඒකකය පහසුකම් සලසයි.
ජපානයෙන් ආනයනය කරන ලද නවීන උපකරණවලින් සමන්විත සූතිකාගාරයක් හා ශල්‍යාගාරයක් රෝහල සතුය. එසේම රෝහලේ මාතෘ සත්කාර ඒකකයේදී ඔබට හමු විය හැකි විශේෂඥ වෛද්‍යවරුන් අතර සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, කළුබෝවිල මහ රෝහල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, හෝමාගම රෝහල සහ කොතලාවල ආරක්ෂක රෝහල යන රෝහල්වල ළමා රෝග සහ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු වෙති.
from silumina

0 Comments