Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මනුෂ්‍යත්වය, සාමය, සංහිඳියාව ලොව පුරා පැතිරේවා

ඇමැති කබීර් හෂීම් හජ් දින පණිවිඩයෙන් කියයි

මනුෂ්‍යත්වය, සාමය, සංහිඳියාව සහ සහජීවනය ලොව රජකරවන යුගයක් උදෙසා ජාතිබේද පසෙකලා සියල්ලන් එක්සත්ව, එක්ව කටයුතු කරන අපේක‍්ෂාවෙන් හජ්ජි උත්සව දිනය සමරන්නා වූ සියලු ශ්‍රී ලාංකිකයන් මෙන්ම සමස්ථ ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊ-දුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරන බව සමස්ථ ලංකා මුස්ලිම් ලීග් සභාපති සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අැමැති කබීර් හෂීම් මහතා පවසයි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මනුෂ්‍යයා ආත්මාර්ථකාමීත්වයෙන් හා ලෝභයෙන් මිදී තමන් සන්තක දේ දුගී දුප්පත් අන්‍යයන් හා බෙදා ගන්නට සහජීවනයෙන් දිවි ගෙවන්නට හුරුපුරුදු විය යුතුයි. ඒ උතුම් වූ පරමාර්ථය මුල් කර ගනිමින් වසරක් පාසා මුස්ලිම් ජනතාව හජ්ජි උත්සවය සමරති.

'යහපත් අන්දමට ඉටුකරන හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් චේතනාවක් නොමැත' යනුවෙන් මහම්මද් නබි නායකතුමා දේශනා කැර ඇත.ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක්ව ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන්නා වූ ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද හජ්ජි උත්සවය සමස්ථ ලෝකවාසීන්ට ආදර්ශයක් ගෙන දෙන බව මගේ හැඟීමයි.

මනුෂ්‍යත්වය, සාමය, සංහිඳියාව සහ සහජීවනය ලොව රජකරවන යුගයක් උදෙසා ජාතිභේද පසෙකලා සියල්ලන් එක්සත්ව, එක්ව කටයුතු කරන අපේක‍්ෂාවෙන් හජ් උත්සව දිනය සමරන්නා වූ සියලු ශ්‍රී ලාංකිකයන් මෙන්ම සමස්ථ ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊ-දුල් අල්හා උත්සවයක් වේවායි මම එකසිතින් ප්‍රාර්ථනා කරමි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();