අද සිට ලබන මස 10 වන දා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි.
අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සීනිගම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද සිට ලබන 04 වැනි දා දක්වා සීමා කරන බව පොලීසිය පවසයි.
සීනිගම ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

0 Comments