Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාරගත සිරකරු පශ්චාත් උපාධිය ලබා ගනී

මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටින ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුලදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ලදී. 
 
එසේම මේ වන විට එම රැඳවියා ඔහුගේ පශ්චාත් උපාධිය  සම්පූර්ණකර සිටින අතර ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය  අද(11) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන හෙයින් ඔහු එම අවස්ථාව සඳහා සහභාගීවේ.
 
මෙම රැඳවියා තම උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට අවශ්‍ය  දේශනයන් ලබාගනු ලැබූයේ ඔහුගේ බිරිඳ එම විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ වී එම දේශන පටිගතකර බන්ධනාගාර නීති රීතිවලට අනුව එම පටිගත කිරීම් ඔහු වෙත ලබා දීමට බන්ධනාගාර පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන චන්දන ඒකනායක මහතාගේ උපදෙස් අනුව පුනරුත්ථාපන අංශය මගින් එම කටයුතු යොදා තිබුනි.
 
එසේම ඔහුට ඒ සඳහා අවශ්‍ය පොත් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සහ ලිපි ලබා ගැනීම මගින්ද ඔහුගේ පහසුකම් සලසාදෙන ලදී. තවද, ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව වන විෂයන් වන අතර කැළණිය විශ්ව විද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව, සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන් වේ.
 
මෙලෙස බන්ධනාගාරයක්තුල සිට උපාධියක් ලබාගන්නා ලද ලංකාවේ ප්‍රථම රැඳවියාවන අතර ලෝකයේ 05වෙනියාවනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();