Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට මෙහෙයවනවා - අගමැති

 විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට මෙහෙයවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ශිල්ප සේනා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට අද(18) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ඉතිහාසයේ සිට ඉංජිනේරු අංශයේ දීප්තිමත් රටක් බවට ලංකාව පත්වු අතර ඉතිහාසයේ රජවරුන් විසින් ඉදිකරන ලද වැව් අමුණු, දාගැබ් එහි ප්‍රතිඵලයක් බව අගමැතිවරයා කියා සිටියේය.
 
තාක්ෂණයේ දියුණුවක් නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් ශිල්ප සේනා වැඩසටහන එහි එක් පියවරක් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
තාක්ෂණික විප්ලවයක් රට තුළ ඇති කරමින් දළ දේශීය ආදායම ඉහළ නැංවීමට දායකත්වය ලබාදෙන ව්‍යවසායකයන් දැයට දායක කිරී‌මේ අරමුණිනේ 'ශිල්ප සේනා ප්‍රදර්ශනය' සංවිධාන කෙරේ. 
 
 
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();