Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දූෂණ වංචා සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි.

2015 – 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස 3කින් දීර්ඝ කර ඇති  බව  වාර්තා වේ .

2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සම්බන්ධව විමර්ශනය කර වාර්තා කිරීමට මෙම කොමිසම පත්කර ඇත.

පසුගිය ජනවාරි මස 17 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කළ අතර එහි විමර්ශන වාර්තාව මාස 6ක් ඇතුළත ලබාදෙන ලෙස නියෝග කර තිබිණි. ඒ අනුව මෙම මස 18 වැනිදා එහි කාලසීමාව හමාර වීමට නියමිතව තිබිණි.

කොමිෂන් සභාවේ කාල සීමාව දීර්ඝ කරන ලෙස එහි සමාජිකයන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලය විසින් තවත් මාස තුනකින් එහි කාලසීමාව දීර්ඝ කර ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා තෙක් කොමිසමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් සිදුකර ඇති විමර්ශනවල අතුරු වාර්තාවක් පසුගිය ජූනි මස 6 වැනිදා ජනාධිපතිවරයා වෙත භාරදුන්නේ ය.

The post දූෂණ වංචා සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();