Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හමුදා ජීප් රථයක් අනතුරක - සෙබළෙකු මරුට

මුලතිව් වට්‍රාපලේ ප්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක් වූ ජීප් රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්ව ඇත්තේ, නිවාඩු ලබා නිවෙස් කරා පැමිණෙමින් සිටි පිරිසකි.

ඔවුන් හමුදා ජීප් රථයකින් බස් රථය වෙත රැගෙන යන අතුරතුර අනතුර සිදුව ඇති අතර තුවාලකරුවෝ මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබති.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();