Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවෙන් ඉරාන ඩ්‍රෝන යානයකට ප්‍රහාරයක්

ගල්ෆ් මුහුදට ඉහළ ගුවනේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ධවල මන්දිරයේ පැවති උත්සවයකදීය.

ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු ප්‍රහාරක නෞකාවකට බලපෑම් කිරිම හේතුවෙන් ඉරානයට අයත් ඩ්‍රෝන යානයක් එලෙස බිම හෙලූ බවයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරන නෞකාවලට එරෙහිව ඉරානය සිදු කරන ක්‍රියාවල නවතම සිදුවීම මෙය වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියි.

අමෙරිකාව සදහන් කරන්නේ සිය නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස ප්‍රහාරයක් එල්ල කිරිමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත්, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ, සිය ඩ්‍රෝන යානයක් විනාශ වූ බවට මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();